Latest News

ඉරාකය වසර 40කට පසුව පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය සඳහා ක්‍රීඩාකරන සියලුම කණ්ඩායම් ඊයේ (31) නිල වශයෙන් තේරීපත්විය. කණ්ඩායම් 48ක් සහභාගීවන මෙම තරගාවලියට අවසන්වරට සුදුසුකම් ලැබූ කණ්ඩායම් දෙක වූයේ කොංගෝ සහ ඉරාකයයි.
ඉරාකය, ‘මෙසපොතේමියාවේ සිංහයන්’ යන නාමයෙන් හැඳින්වෙන පාපන්දු කණ්ඩායම, බොලිවියාව 2-1 ලෙස පරාජය කරමින් වසර 40කට පසුව අවසන්වරට පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තේය. ඉරාකය අවසන්වරට පාපන්දු ලෝක කුසලානයක් ක්‍රීඩා කළේ 1986 වසරේ මෙක්සිකෝවේදීය. එම ජයග්‍රහණය බැග්ඩෑඩ් නුවර වැසියන්ගේ සැමරීමක් අතරතුර සිදු විය.
මෙවර පාපන්දු ලෝක කුසලානය 2026 ජුනි 11 සිට ජූලි 19 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

World News

Send your contact Details Today