Latest News

කොත්මලේ රම්බොඩ රක්ෂිතයේ බඹර ප්‍රහාරයෙන් පොලිස් 07 දෙනා තුවාලයි

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොත්මලේ වෙදමුල්ල, රම්බොඩ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය කොත්මලේ පොලිසියේ නිලධාරීන් 07 දෙනා අද (01) බඹර ප්‍රහාරයකට ලක්වී රෝහල් ගත කර තිබේ.
බඹර ප්‍රහාරයට ලක් වූ පිරිස අතර කොත්මලේ පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිපතිවරයා ඇතුළු නිලධාරින් සිටියහ. තුවාල ලැබූ නිලධාරින් කොත්මලේ රෝහල්ගත කර ඇති අතර, බරපතල තත්ත්වයේ සිටි පොලිස් නිලධාරින් 5 දෙනා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර තිබේ.
පොලිස් නිලධාරීන් රක්ෂිතය තුළ ගමන් කරන විට ගසක බැඳ තිබූ බඹර කුඩුවක් ඇවිස්සීමෙන් පසු මෙම බඹර ප්‍රහාරය සිදුවිණි.

World News

Send your contact Details Today