2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (A/L) විභාග ප්‍රතිඵල අනුව මෙවර 66%කට ආසන්න ප්‍රතිශතයක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
ඊයේ (31) රාත්‍රියේ ප්‍රතිඵල නිකුත් කළ අතර, අද (01) එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. මෙවර විභාගයට අපේක්ෂකයින් 281,810 දෙනෙකු පෙනී සිට ඇති අතර, ඉන් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබේ. එසේම අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවද සඳහන් වේ.
සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබාගත් පාසල් සිසුන් 7,477 දෙනෙකු (3.38%) වන අතර, පෞද්ගලික අයදුම්කරුවන් 823 දෙනෙකුද එම ජයග්‍රහණය ලබා ඇත.
විෂය ධාරා අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගත් ප්‍රතිශත අතර වාණිජ (72.02%) සහ ජෛව පද්ධති තාක්ෂණවේදය (71.76%) ඉහළම ප්‍රතිශත ලෙස වාර්තා වී ඇත.
පළාත් අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය වැඩිම ප්‍රතිශතය බස්නාහිර පළාත තුළ (69.42%) දක්නට ලැබුණ අතර, අඩුම ප්‍රතිශතය උතුරු මැද පළාත තුළ (60.91%) වාර්තා විය.
මෙවර ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල වරම් ලබාගත් සිසුන් අතරින් බහුතරය ගැහැණු සිසුන් වන අතර, ජීව විද්‍යා අංශයේ පමණක් පිරිමි සිසුන් වැඩි ප්‍රමාණයක් සාර්ථක වී ඇත.
එසේම, කලා විෂය ධාරාවට පෙනී සිටින සිසුන්ගේ ප්‍රමාණය 32.03% දක්වා පහළ ගොස් ඇති අතර, තොරතුරු තාක්ෂණය ඇතුළු විද්‍යාත්මක විෂයන් වෙත සිසුන්ගේ වැඩි නැඹුරුවක් දක්නට ලැබෙන බවද විභාග කොමසාරිස්වරිය සඳහන් කළාය.
මෙවර ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ඩිලාන් සංජන (කොළඹ රාජකීය විද්‍යාලය) විසින් හිමිකරගෙන ඇති අතර, දෙවන ස්ථානය ක්‍රිෂාන් සසිදු නම්තර (හොරන තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය) වෙතත්, තෙවන ස්ථානය දර්ශනා කෝනේෂ් (ශ්‍රී ෂන්මුගා හින්දු බාලිකා විද්‍යාලය) වෙතත් හිමිව ඇත.