Latest News

අ.පො.ස (උසස් පෙළ) 2025 ප්‍රතිඵල: 176,527 දෙනෙකුට විශ්වවිද්‍යාල සුදුසුකම්

Published 30 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අ.පො.ස (උසස් පෙළ) 2025 විභාගයේ ප්‍රතිඵල අනුව අපේක්ෂකයින් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙම විභාගය සඳහා සමස්ත අපේක්ෂකයින් 281,810 දෙනෙකු ඉදිරිපත් වී ඇති අතර, ඔවුන් අතරින් විශාල ප්‍රමාණයක් උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය මට්ටම සම්පූර්ණ කර තිබීම විශේෂත්වයකි.
කෙසේ වෙතත්, අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවද, ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට කැමති අපේක්ෂකයින්ට එය අප්‍රේල් 6 සිට අප්‍රේල් 22 දක්වා මාර්ගගතව ඉදිරිපත් කළ හැකි බව ද දැනුම් දී ඇත.

World News

Send your contact Details Today