Latest News

ඉෂාරා සෙව්වන්දි ගැන විමර්ශන කඩිනම් කරන්න – මහේස්ත්‍රාත් නියෝග

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන කඩිනමින් අවසන් කර පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අසංග එස්. බෝදරගම මහේස්ත්‍රාත්වරයා අද (31) නියෝග කළේය.
මෙම නියෝගය ලබාදී ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කරුණු දැක්වීමෙන් අනතුරුවය.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිට ඇති අතර, එක් සැකකාරියක් කොළඹ අපරාධ කොට්ඨාසයේද අනෙක් සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බවද සඳහන් විය.
මෙම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, අදාළ සැකකාරිය සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය ප්‍රමාණවත් ලෙස අධිකරණයට ඉදිරිපත් වී නොමැති බවයි.
ඒ අනුව, සැකකාරිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කඩිනමින් සිදුකර සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබේ.

World News

Send your contact Details Today