Latest News

රටවල් 39කට මාස 6ක නොමිලේ සංචාරක වීසා

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තෝරාගත් රටවල් 39ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන්ට මාස 06ක කාලයක් සඳහා නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව, නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය සැකසුම් සකස් කරමින් ආගාමික හා විගාමික පනත යටතේ කෙටුම්පත් නියෝග සකස් කර ඇති අතර, ඒවා අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම යෝජනාව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩිවනු ඇති බව අපේක්ෂා කරයි.

World News

Send your contact Details Today