Latest News

ලිංගික අපයෝජන චෝදනාවකට විදුහල්පති අත්අඩංගුවට

Published 14 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාතලේ දිස්ත්‍රික්කයේ මහවෙල, අකුරම්බොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු බාලවයස්කාර සිසුවෙකුට ලිංගික අපයෝජනය කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, පසුගියදා පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලට අදාළව පැවති පුහුණුවීමක් අතරතුර 14 හැවිරිදි සිසුවෙකුට මෙම අපයෝජනය සිදුව ඇති බවයි.
සැකකාර විදුහල්පතිවරයා විසින් අවස්ථා කිහිපයකදීම අදාළ සිසුවා අපයෝජනයට ලක්කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා ගුරු සංගමයක ප්‍රධාන ලේකම් තනතුරකද කටයුතු කරන අයෙකු බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

World News

Send your contact Details Today