Latest News

පස්වරු 3න් පසු A/C නවතන්න – රාජ්‍ය ආයතනවලට නව උපදෙස්

Published 22 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව තුළ සියලුම රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර පස්වරු 3න් පසුව අක්‍රීය කළ යුතු බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
ඉන්ධන හා බලශක්තිය කාර්යක්ෂමව භාවිත කිරීමේ අරමුණින් නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවක් යටතේ මෙම උපදෙස් ලබාදී තිබේ.
එමෙන්ම පෞද්ගලික අංශයද මෙම ක්‍රමවේදය අනුගමනය කරන ලෙසද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියි.
මෙයට අදාළ නිවේදනයක්ද නිකුත් කරමින්, බලශක්ති පරිභෝජනය අවම කිරීම සම්බන්ධයෙන් සියලු අංශ එක්ව ක්‍රියා කළ යුතු බව අවධාරණය කර ඇත.

World News

Send your contact Details Today