Latest News

ඇමෙරිකානු බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවයි

Published 14 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යේමනයේ හූති සටන්කාමීන් විසින් ඊශ්‍රායලය වෙත ප්‍රථම ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග අර්බුදය තවදුරටත් උත්සන්න වී ඇති අතර, ඒ හේතුවෙන් ලෝක බොර තෙල් මිල ඊයේ (30) දින ඉහළ අගයකින් අවසන් විය.
ඒ අනුව, බ්‍රෙන්ට් බොර තෙල් මිල ශත 21කින් හෙවත් සියයට 0.2කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 112.78ක් ලෙස සටහන් වූ අතර, වෙළෙඳාමේ මුල් අවස්ථාවලදී එය ඩොලර් 116.89 දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම, අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොර තෙල් මිල ඩොලර් 3.24කින් හෙවත් සියයට 3.3කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 102.88ක් ලෙස අවසන් වී තිබේ. එය 2022 ජූලි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මිල ලෙසද විදෙස් මාධ්‍ය සඳහන් කරයි

World News

Send your contact Details Today