Latest News

පාසල්වල එළිමහන් ක්‍රියාකාරකම් හා බලශක්ති කළමනාකරණ උපදෙස් නැවත දැනුම්දීම

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා පවසා සිටියේ, පවතින අධික උෂ්ණත්ව සහ ලෝක ඉන්ධන අර්බුදය හමුවේ පාසල් සඳහා නිකුත් කරන ලද උපදෙස් සහ නිර්දේශ නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු බවයි.
2026.03.12 දින සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත නිකුත් කරන ලද නිර්දේශ මාලාව අනුව, අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත පාසල් එළිමහන් ක්‍රියාකාරකම් සඳහා සිසුන් යොද නොවිය යුතුය.
ඉන් අමතරව, 2026.03.17 දින නිකුත් කරන ලද උපදෙස් මාලාව අනුව, ලෝක ඉන්ධන අර්බුදය හමුවේ බලශක්ති කළමනාකරණය කරමින් පාසල්වල දෛනික පරිපාලන කටයුතු සහ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.
මෙම නිර්දේශ සහ උපදෙස් පාසල් මට්ටමින් නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු බව ලේකම්වරයා අවධාරණය කර සිටියි.

World News

Send your contact Details Today