Latest News

පොඩි ව්‍යාපාරිකයන්ටත් වැට් බදු බර

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලබන අප්‍රේල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන නව එකතු කළ අගය මත බදු සීමාව අඩු කිරීම සම්බන්ධයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැඩි කණස්සල්ල පළ කරයි.
මෙම සංශෝධනය අනුව වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන හැට සිට මිලියන තිස් හයක් දක්වා අඩු කර ඇති අතර, වැඩි ව්‍යවසායකයින් ප්‍රමාණයක් බදු පද්ධතියට ඇතුළත් කිරීම රජයේ අරමුණ වේ.
ව්‍යවසායකයන් පෙන්වා දෙන්නේ, මෙය රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන මෙම ක්ෂේත්‍රයට දැඩි පීඩනයක් ඇති කරනු ඇති බවයි.
මසකට රුපියල් ලක්ෂ තිහක් පමණ වෙළෙඳාමක් කරන ව්‍යවසායකයින්ට සියයට දහ අටක වැට් බද්ද අදාළ වන අතර, සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට අදාළ සීමාවද එලෙසම අඩු කර ඇත.
ව්‍යාපාරික නියෝජිතයින් පවසන්නේ, පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම බදු බර දරා ගැනීම දුෂ්කර වන අතර, අවසානයේ එම බර පාරිභෝගිකයින්ට පැවරෙනු ඇති බවයි.
එසේම, මෙම තත්ත්වය දිළිඳුකම ඉහළ යාමටද හේතු විය හැකි බවට අනතුරු ඇඟවෙයි.
කෙසේ වෙතත්, බදු ආදායම ඉහළ නංවා ගැනීම රජයේ අරමුණ වන අතර, ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම මගින් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සමබරතාවයක් ඇති කිරීමද අපේක්ෂා කරයි

World News

Send your contact Details Today