Latest News

භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත ඉහළට

Published 24 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාස දෙකකට වැඩි කාලයකට පසුව සියලුම කාලසීමාවන් යටතේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත ඉහළ ගොස් ඇති බව මහ බැංකුව සඳහන් කරයි.
පසුගිය සති දෙක තුළ ද්විතීයික වෙළෙඳපොළේ දක්නට ලැබුණු ඉහළ යාමේ ප්‍රවණතාව මෙසේ ප්‍රාථමික වෙළෙඳපොළ දක්වාද ව්‍යාප්ත වී ඇත.
පසුගිය බදාදා පැවැති වෙන්දේසියේදී රුපියල් බිලියන අසූක බිල්පත් ඉදිරිපත් කළද, අලෙවි කරගත හැකි වී ඇත්තේ රුපියල් බිලියන තිස් හතර දශම නවයක් පමණක් වන අතර එය ඉදිරිපත් කළ ප්‍රමාණයෙන් සියයට හතළිස් තුන දශම හයක් පමණ අඩු ප්‍රමාණයකි.
ආයෝජකයින් වැඩි පොලී අනුපාත ඉල්ලා සිටීම හේතුවෙන් රජය විසින් බොහෝ ලංසු ප්‍රතික්ෂේප කර ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
වෙන්දේසියේදී වාර්තා වූ නවතම පොලී අනුපාත අනුව මාස තුනේ බිල්පත් සියයට හත දශම හැට හතරක්, මාස හයේ බිල්පත් සියයට හත දශම අනූ පහක් සහ මාස දොළහේ බිල්පත් සියයට අට දශම තිස් දෙකක් ලෙස ඉහළ ගොස් ඇත.
තෙල් අර්බුදය, උද්ධමනය ඉහළ යාම සහ රුපියලේ අගය අඩුවීමේ අවදානම හේතුවෙන් රටේ ගෙවුම් ශේෂය පිළිබඳ ඇති සැකය මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව ලෙස සැලකේ.

World News

Send your contact Details Today