Latest News

මාවනැල්ලේ ව්‍යාජ ඖෂධ ජාවාරමක් වටලයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාවනැල්ල – හිඟුල ප්‍රදේශයේදී රාජ්‍ය ආයතනයක නම සහ නිල ලාංඡනය අවභාවිත කරමින් පවත්වාගෙන ගිය ව්‍යාජ ඖෂධ ජාවාරමක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමත්ව තිබේ.
ඒ, ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසයි.
සැකකරුවන් විසින් රාජ්‍ය ලාංඡනය වංචාකාරී ලෙස භාවිත කරමින් ව්‍යාජ නිෂ්පාදනයක් සැබෑ සංස්ථා නිෂ්පාදනයක් ලෙස පෙන්වා වෙළඳපොළට නිකුත් කර අලෙවි කිරීමට කටයුතු කර තිබූ බව අනාවරණය වී ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙවැනි වංචාකාරී ක්‍රියාකාරකම්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද අදාළ අංශ සඳහන් කරයි.

World News

Send your contact Details Today