පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මේ මස 23, 24 සහ 26 යන දිනවල එක්දින සේවය ලබාගැනීමට නොහැකි වූ සේවාලාභීන් සඳහා පමණක් අද දිනයේ ජාතික හැඳුනුම්පත් එක්දින සේවය ක්‍රියාත්මක කර තිබේ.
එම සේවාව ලබාගැනීමට අවශ්‍ය සියලු ලේඛන සමඟ බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හෝ පළාත් කාර්යාල වෙත පැමිණීමෙන් හැඳුනුම්පත් ලබාගත හැකි බවද සඳහන් වේ.
එමෙන්ම හෙට දිනයේ සිට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල එක්දින සේවය යළි සුපුරුදු පරිදි ක්‍රියාත්මක කරන බවද දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේවෙතත්, ලබන අප්‍රේල් 06 වනදා සිට සියලු සේවාවන් අඛණ්ඩව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.