Latest News

විදේශීය සංචාරකයින් ලක්ෂ 7 සීමාව ඉක්මවයි

Published 24 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
නවතම දත්ත අනුව, ජනවාරි 01 සිට මාර්තු 25 දක්වා කාලය තුළ සංචාරකයින් 708,348 දෙනෙකු මෙරටට පැමිණ ඇත.
එම සංචාරකයින් අතරින් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 139,164කි. එමෙන්ම එක්සත් රාජධානියෙන් 74,295ක් සහ රුසියාවෙන් 63,505ක් ද මෙරටට පැමිණ ඇත.
මේ අතර, මාර්තු මාසයේ පළමු දින 25 තුළ පමණක් සංචාරකයින් 151,693 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
එම සංඛ්‍යාවෙන් 39,424ක් හෙවත් සියයට 26ක්ම ඉන්දියානු සංචාරකයින් වෙති. තවද එක්සත් රාජධානියෙන් 13,967ක්, රුසියාවෙන් 13,272ක්, චීනයෙන් 12,166ක් සහ ජර්මනියෙන් 10,523ක් ලෙස සංචාරකයින් පැමිණ ඇත.
සංසන්දනාත්මකව බැලූවිට, 2025 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 229,298ක් ලෙස වාර්තා වී තිබුණි

World News

Send your contact Details Today