Latest News

සහල් මිල පාලනයට ඉන්දීය සහාය ගැන සාකච්ඡා

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීම, නව ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සහ ඒවා දිරිමත් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව සඳහන්. තවද, දෙරටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබේ.
මෙරට සහල් වෙළෙඳපොළේ පවතින තත්ත්වය සහ මිල පාලනය පිළිබඳවද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කර ඇති අතර, සම්බා වැනි විශේෂ සහල් වර්ගවල පවතින හිඟය පිළිබඳව අමාත්‍යවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ අවධානයට ලක් කර තිබේ.
එහිදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකා රජයට සහල් මෙට්‍රික් ටොන් 30,000ක් කළමනාකරණය කළ හැකි නම් අනිවාර්ය මිල පාලනයක් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවයි.

World News

Send your contact Details Today