Latest News

සහල් සඟවා අලෙවි කළ වෙළඳුන්ට නීති ක්‍රියාත්මකයි

Published 24 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සහල් සඟවාගෙන සිල්ලර මිලට අලෙවි කිරීම ප්‍රතික්ෂේප කළ වෙළඳුන් කිහිප දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ.
ලද පැමිණිල්ලකට අනුව අද (29) පෙරවරුවේ කිරුළපන පොදු වෙළෙඳ සංකීර්ණයේ සිදු කළ වැටලීමකදී මෙම අනීතික ක්‍රියාකාරකම් අනාවරණ වී ඇත.
සිල්ලර වෙළඳාම සඳහා බලපත්‍ර ලබාගෙන තිබූ ව්‍යාපාරිකයෙකු සහල් සන්තකයේ තබාගෙන, එය හෝටල්වලට පමණක් අලෙවි කරමින් සිටි බවද හෙළි වී තිබේ.
මෙම සිද්ධියට අදාළව වෙළඳසැලේ හිමිකරුට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇති අතර, වැටලීමේ අවස්ථාවේදී වෙළඳසැල් හිමිකරු සහ නිලධාරීන් අතර උණුසුම් වාදයක්ද ඇතිව තිබුණි.

World News

Send your contact Details Today