Latest News

පොලිස් ආඥා පනත ගැන වටගල ප්‍රකාශයට හිටපු නි.පොලිස්පතිගේ විවේචන

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විසින් පොලිස් ආඥා පනත සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව තමන් දැඩි කණගාටුවට පත්වන බව හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.
ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, නීතිමය අවබෝධයකින් තොරව සිදු කළ එම ප්‍රකාශය වැරදි තේරුම් ගැනීමක් මත පදනම් වූවක් බවයි.
පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තිය අනුව, ඕනෑම පොලිස් නිලධාරියෙකුට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක තම නෛතික බලතල ක්‍රියාත්මක කළ හැකි බවත්, ඒ සඳහා වෙනත් පොලිස් ස්ථානය දැනුවත් කිරීම නීතිමය අනිවාර්යතාවක් නොවන බවත් ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම, දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් පොලිස් නිලධාරීන් මහජන මට්ටමින් අපහසුතාවයට පත් කිරීම පිළිබඳවද ඔහු විවේචනයක් එල්ල කර ඇත.
මෙවැනි තත්ත්වයන් වලක්වා ගැනීමට අදාළ බලධාරීන් අවශ්‍ය පියවර ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ප්‍රියන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

World News

Send your contact Details Today