Latest News

වත්කම් ප්‍රකාශ කිරීම ඩිජිටල් පද්ධතියකට

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට ලක් කරමින් මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හඳුන්වාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සූදානම් වී ඇත.
එම පද්ධතිය ලබන 31 වනදා පෙරවරු 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ප්‍රකාශකයන් සඳහා විවෘත කිරීමට නියමිතය.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස සලකනු ලබන අතර, මේ දක්වා එය සිදුකළේ අතින් පුරවන මුද්‍රිත පෝරම මගිනි.
නව ඉලෙක්ට්‍රොනික පද්ධතිය මගින් පෝරම පිරවීම පමණක් නොව, සම්පූර්ණ ක්‍රියාවලියම ඩිජිටල්කරණයට ලක් කරමින් වත්කම් සත්‍යාපනය කිරීම සහ අසාමාන්‍ය වත්කම් හඳුනාගැනීම සඳහාද පහසුකම් සලසනු ඇත.
මෙම පද්ධතිය හඳුන්වාදීමත් සමඟ දූෂණ මර්දනයේ කාර්යක්ෂමතාව, නවීනත්වය සහ ස්වාධීනත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බව කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

World News

Send your contact Details Today