Latest News

සෞදි ගුවන් කඳවුරට ඉරාන ප්‍රහාරයෙන් අමෙරිකානු සෙබළුන් 10ක් තුවාල

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සෞදි අරාබියේ පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් අමෙරිකානු හමුදා සාමාජිකයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම කිසිදු හමුදා සාමාජිකයෙකු මියගොස් නොමැති බව සඳහන් වේ. තුවාල ලැබූවන්ගෙන් අවම වශයෙන් දෙදෙනෙකු ඉතා බරපතල තත්ත්වයේ පසුවන අතර, අනෙක් පිරිසද බරපතල තත්ත්වයේ පසුවන බවයි වාර්තා වෙන්නේ.
අදාළ ප්‍රහාරය හේතුවෙන් ගුවන් යානාවලට ඉන්ධන පිරවීම සඳහා භාවිතා කරන ටැංකි ගුවන් යානයකටද හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

World News

Send your contact Details Today