Latest News

ශ්‍රී ලංකාවට පිරිපහදු කළ ඉන්ධන ලබාදීමට රුසියාව එකඟයි

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට පිරිපහදු කළ ඉන්ධන සැපයීමට රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් එකඟ වී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පවසයි.
රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් සහ දූත පිරිස අද (26) දිවයිනට පැමිණ ඇති අතර, ඛනිජ තෙල් සහ ගල්අඟුරු සැපයුම් සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත්වීම මෙහි අරමුණ බව සඳහන්.
මෙම සාකච්ඡා මගින් ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයුම තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි වනු ඇති බවද වාර්තා වේ.

World News

Send your contact Details Today