Latest News

ප්‍රේමතිලකට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාරදේ

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 වසරේ පැවැති 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් කළේ යැයි චෝදනා ලබා සිටින ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලකට අද (26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාර දෙනු ලැබීය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර සහ ආචාර්ය සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම චෝදනා පත්‍රය භාර දීම සිදු වූ අතර, නව ඩිජිටල් ක්‍රමවේදය යටතේ වගඋත්තරකරුට චෝදනා භාරදුන් ප්‍රථම අවස්ථාව මෙය බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ප්‍රේමතිලක මහතා තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කළ අතර, අදාළ නඩුව මැයි 14 වනදා විභාගයට කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව 2024 දෙසැම්බර් 31 දින ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 3ක මුදලක් පුද්ගලිකව රජයට ගෙවීමට නියෝග කර තිබුණද, එය මෙතෙක් ගෙවා නොමැති බවට කරුණු ඉදිරිපත් වීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් අධිකරණයට අපහාස කිරීම යටතේ මෙම චෝදනා ගොනු කර තිබේ.

World News

Send your contact Details Today