Latest News

ඇමරිකාව සමඟ සාකච්ඡා නැහැ – ඉරාන පාර්ලිමේන්තු කථානායකගෙන් දැඩි ප්‍රකාශයක්

Published 30 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇමරිකා එක්සත් ජනපදය සමඟ කිසිදු ආකාරයක සාකච්ඡාවක් පවත්වා නොමැති බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් අවධාරණය කර තිබේ.
ඉරාන විදේශ අමාත්‍යාංශය මීට පෙර නිකුත් කළ ප්‍රකාශය තහවුරු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, දෙරට අතර සන්නිවේදනයක් හෝ රහස් සාකච්ඡාවක් පැවැති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් කථානායකවරයා පෙන්වා දී ඇත්තේ, මූල්‍ය වෙළඳපොළ සහ තෙල් වෙළඳපොළ තම වාසියට හරවා ගැනීමටත්, ඇමරිකාව සහ ඊශ්‍රායලය මුහුණ දී සිටින අර්බුදයෙන් ගැලවීමටත් මෙවැනි අසත්‍ය පුවත් පතුරවමින් සිටින බවයි.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කළ පාර්ශවයන්ට එරෙහිව සම්පූර්ණ සහ දැඩි ප්‍රතිචාර ලබාදීමට ඉරානය සූදානම් බවයි.
තම රටේ උත්තරීතර නායකත්වය සහ ජනතාව සමඟ එක්ව එම ඉලක්කය සපුරා ගන්නා තෙක් ස්ථාවරව සිටින බවද ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

World News

Send your contact Details Today