Latest News

ක්‍රීඩා පුහුණුව අතරතුර බුත්තල පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


බුත්තල ප්‍රදේශයේ සලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලකට අදාළ පුහුණුවීම් අතරතුර සිසුවෙකු බිම ඇඳ වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ එම පාසලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි සිසුවෙකු බවයි.
ඔහු තවත් සිසුන් පිරිසක් සමඟ බඩල්කුඹුර මාර්ගයේ කටුගහකොළණිය අසල සිට බුත්තල දෙසට දුවමින් සිටියදී එකවරම බිම ඇඳ වැටී ඇති බවට වාර්තා වනවා.
අනතුරුව සිසුවා බුත්තල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙන අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල මහ රෝහල වෙත මාරු කිරීමෙන් පසුව ඔහු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

World News

Send your contact Details Today