Latest News

අම්පාරේ ට්‍රැක්ටර් රියදුරෙකුට හදිසි රෝගී තත්ත්වයක් – රථයෙන් වැටී පසුපස රෝදයට හසුවී මරුට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com




අම්පාර දිස්ත්‍රික්කයේ කාර්තිව් පොලිස් බල ප්‍රදේශයට අයත් මලියකාඩු ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් ධාවනය කරමින් සිටි රියදුරෙකුට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදුවූ අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව කාර්තිව් පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අම්පාර, උදයපුර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පී.ඩී. චාමර චතුරංග කුමාර නමැති පුද්ගලයෙකි.
පොලිස් පරීක්ෂණ අනුව, ඔහු ට්‍රේලරයක් සහිත ට්‍රැක්ටර් රථයකින් ගොයම් කපන යන්ත්‍රයක් ප්‍රවාහනය කරමින් සිටියදී හදිසියේ රෝගී තත්ත්වයක් උත්සන්න වී රියදුරු අසුනෙන් බිමට ඇද වැටී ඇත.
ඉන් අනතුරුව පාලනයෙන් තොර වූ ට්‍රැක්ටර් රථයේ පසුපස රෝදය ඔහුගේ සිරුර මතින් ගමන් කිරීමෙන් එම ස්ථානයේදීම ඔහු මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
සිද්ධිය පිළිබඳව අවට සිටි පිරිස් කාර්තිව් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ සිදු කර කරුණු සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබේ.
අධිකරණ නියෝග අනුව හදිසි මරණ පරීක්ෂකවරයා පැමිණ පරීක්ෂණ පැවැත්වූ අතර, මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සමන්තුරේ මූලික රෝහලේ තැන්පත් කර ඇත.
නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර සහ අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල යන මහත්වරුන්ගේ උපදෙස් මත, කාර්තිව් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.අයි.බී. ජයරත්න ඇතුළු කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

World News

Send your contact Details Today