Latest News

ඉරානය සම්පූර්ණයෙන් විනාශ කිරීමට සූදානම් – ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



අමෙරිකා එක්සත් ජනපද හමුදාව, ඊශ්‍රායලය සමඟ එක්ව ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් එරට සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඔහු සඳහන් කළේ නියමිත කාලයට පෙරම එම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති බවයි.
එමෙන්ම ඉරාන රජය සමඟ අමෙරිකාවට වසර 47ක් පුරා ගැටුම් සහිත තත්ත්වයක් පැවති බවත්, එම පාලන තන්ත්‍රය අහිංසක ඉරාන ජනතාවට ද හානි සිදු කර ඇති බවත් ට්‍රම්ප් අවධාරණය කළේය.
තවද පවතින ගැටුම් තත්ත්වය අතරතුර ලෝක තෙල් මිල අඩු කර ගැනීම සඳහා තමන් සතුව විශේෂ සැලැස්මක් ද ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ට්‍රම්ප් මෙම අදහස් පළ කර ඇත්තේ ධවල මන්දිරයේ පැවති උත්සවයකදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

World News

Send your contact Details Today