Latest News

අමෙරිකානු ගොඩබිම් ආක්‍රමණයකට ඉරානය සූදානම් – අමෙරිකාව සමඟ සාකච්ඡා ප්‍රතික්ෂේප කරන බව ඉරාන විදේශ අමාත්‍යවරයා කියයි

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ආරම්භ කර ඇති යුද ක්‍රියාමාර්ග මධ්‍යපෙරදිග කලාපය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, අමෙරිකානු හමුදාව විසින් සිදු කළ හැකි ගොඩබිම් ආක්‍රමණයකට තම රට සූදානම්ව සිටින බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්ච් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,ඇමෙරිකාව සමඟ කිසිදු ආකාරයේ සාකච්ඡාවකට එළඹීමට තම රට සූදානම් නොවන බවයි.
තවද, ඉරානය කිසිවිටෙකත් සටන් විරාමයක් ඉල්ලා නොසිටින බවද ඔහු අවධාරණය කර ඇති අතර, රටේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සියලු පියවර ගැනීමට සූදානම් බවත් ප්‍රකාශ කර තිබේ.

World News

Send your contact Details Today