Latest News

අනතුරකින් තුවාල ලැබූ මිතුරන් බලන්නට රෝහලට යමින් සිටි මිතුරන්ටත් මාරක අනතුරක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාල්ල දඩල්ල කනත්ත ආසන්න මාර්ගයේ නවතා තිබූ බස් රථයකට යතුරුපැදියක් ගැටීමෙන් අද (22) අලුයම සිදුවූ මාර්ග අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ ගිංතොට ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.
තුවාල ලැබූ අනෙක් දෙදෙනා ගිංතොට සහ දඩල්ල ප්‍රදේශවල පදිංචි 18 හැවිරිදි තරුණයන් බව වාර්තා වේ.
මෙම තිදෙනා අනතුරට ලක්ව ඇත්තේ අද (22) අලුයම රත්ගම පිංතාලිය හන්දියේදී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ තම මිතුරන් දෙදෙනා බැලීම සඳහා ගාල්ල ජාතික රෝහල වෙත ගමන් කරමින් සිටියදී බව අනාවරණය වේ.
පෙර අනතුරින්ද එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබූ බව සඳහන් වේ.

World News

Send your contact Details Today