Latest News

අමරිකාව සහ කැනඩාව යා කරන බිලියන 4ක පාලම ට්‍රම්ප් නවත්වයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ ඩෙට්‍රොයිට් (Detroit) සහ කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) නගර යා කරමින් ඉදිකර ඇති නවතම “ගෝර්ඩි හෝව්” (Gordie Howe) ජාත්‍යන්තර පාලම විවෘත කිරීමට ඉඩ නොදෙන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ.

ඒ අනුව කැනඩාව විසින් අමෙරිකාවට නිසි ගෞරවයක් සහ සාධාරණත්වයක් ලබා දෙන තෙක් මෙම පියවර ගන්නා බව ඔහු පවසයි.

අමෙරිකානු ඩොලර් බිලියන 4කට අධික පිරිවැයකින් ඉදිකර ඇති මෙම පාලම මේ වසරේ විවෘත කිරීමට නියමිතව තිබුණි.

පාලමේ සම්පූර්ණ අයිතිය කැනඩාව සතු බවත්, එය ඉදිකිරීමේදී අමෙරිකානු අමුද්‍රව්‍ය භාවිතා කර නොමැති බවත් ට්‍රම්ප් පවසයි.

කෙසේවෙතත්, පාලම සඳහා වැයවන මුළු මුදල කැනඩාව විසින් දරනු ලැබුවද, එහි අයිතිය කැනඩාව සහ අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තය අතර බෙදී යයි.

එමෙන්ම පාලමේ අමෙරිකානු පාර්ශවයේ ඉදිකිරීම් සඳහා ඇමරිකානු වානේ භාවිතා කර ඇති බව වාර්තා වේ.

පසුගිය කාලසීමාව පුරා අමෙරිකාව සහ කැනඩාව අතර ආර්ථික සබඳතා පළුදු වූ කරුණු කිහිපයක් මෙයට බලපා ඇත:

මෙම පාලම දෙරට අතර ආර්ථික සබඳතාවල ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස මීට පෙර හැඳින්වුණි.

කෙසේ වෙතත්, ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම තීරණය හේතුවෙන් දෙරට අතර වෙළඳ යුද්ධය තවදුරටත් දරුණු විය හැකි බව දේශපාලන විචාරකයෝ පවසති.

මිචිගන් ප්‍රාන්තයේ සෙනෙට් සභික එලිසා ස්ලොට්කින් පවසා ඇත්තේ මෙය මිචිගන්හි ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන “පොදු මිතුරෙකු සමඟ සිදුකරන අනවශ්‍ය සටනක්” බවයි.

World News

Send your contact Details Today