Latest News

දෙව්නිමෝරි සර්වඥ ධාතු වන්දනාව අවසන් අදියරට – බැතිමතුන්ට විශේෂ දැනුම්දීමක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ දෙව්නිමෝරි පුදබිමෙන් ශ්‍රී ලංකාවට වැඩම කරවූ සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමේ පුණ්‍ය මහෝත්සවය හෙට (11) උදෑසනින් අවසන් වීමට නියමිතය.

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන මෙම සර්වඥ ධාතු වන්දනාව අද (10) 6 වැනි දිනටත් ක්‍රියාත්මක වන අතර, වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් පෝලිම් සඳහා එක්වීම අද රාත්‍රි 10.00න් පසු අවසන් කරන බව ගංගාරාමාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියෝ පවසති.

පසුගිය 5 වැනිදා ආරම්භ වූ මෙම ධාතු වන්දනාව සඳහා දිනපතා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දිවයිනේ නන්දෙසින් ගංගාරාම විහාරස්ථානයට පැමිණියහ.

ඊයේ (09) දිනයේදී කථානායකවරයා, මැති ඇමතිවරුන් සහ විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයින් රැසක්ද ධාතූන් වහන්සේ වන්දනාමාන කර ගැනීමට එක්ව සිටියහ.

ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීම සඳහා එරට මධ්‍ය ප්‍රදේශ් ආණ්ඩුකාර මංගුභායි පටෙල් මහතා සහ අරුණචාල් ප්‍රදේශ් නියෝජ්‍ය මහ ඇමති චෞනා මෙයින් මහතා ඇතුළු විශේෂ දූත පිරිසක් ඊයේ (09) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියහ.

හෙට (11) පෙරවරුවේ විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව උතුම් සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාව බලා වැඩම කරවීමට නියමිතය.

World News

Send your contact Details Today