Latest News

අමෙරිකාව සහ ඉරානයෙන්, පාකිස්තානයට ආරාධනයක්

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකන් රජයේ නියෝජිතයන් සහ ඉරාන රජයේ නියෝජිතයන් අතරේ සාකච්ඡා තුර්කියේ පැවැත්වීමට නියමිත සාකච්ඡා සඳහා මැදහත්කරුවකු වන ලෙස අමෙරිකාව මෙන්ම ඉරානය ද පාකිස්තානයට ඇරැයුම් කර ඇත.

එමෙන්ම සාකච්ඡා සඳහා සහභාගී වෙන්නැයි සෞදි අරාබියටත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයටත්, කටාර් රාජ්‍යයටත් ඕමානයටත් මෙලෙස අරාධනා කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව අදාළ සාකච්ඡා සඳහා සහභාගී වෙන්නැයි තමන්ට ඇරැයුම් ලැබුණු බව පාකිස්තාන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයා ද වන ඉෂාක් ඩාර් ද මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පාකිස්තාන රජය අතරේ පවතින්නේ සමීප මිත්‍රත්වයකි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පමණක් නොව, පාකිස්තානයේ බලවත් හමුදාපති ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් ද ට්‍රම්ප්ගේ මිතුරන් වේ.

World News

Send your contact Details Today