Latest News

පාකිස්තාන පොලිසිය විසින් අඛණ්ඩ පිටුවහල් කිරීමේ මෙහෙයුම් අතර සිදු කල දේ

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තාන පොලිසිය විසින් අඛණ්ඩ පිටුවහල් කිරීමේ මෙහෙයුම් මධ්‍යයේ මාධ්‍යවේදියෙකු ඇතුළු තවත් පුද්ගලයින් රැසක් තාවකාලික කඳවුරුවලට මාරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඉස්ලාමාබාද්හි සිටින ඇෆ්ගන් සරණාගතයින් රඳවා තබා ගැනීම තීව්‍ර කර ඇති පසුබිමකයි.

ඒ අනුව පාකිස්තාන පොලිසිය ඇෆ්ගන් සරණාගතයින් අඛණ්ඩව රඳවා තබා ගැනීම සහ බලහත්කාරයෙන් පිටුවහල් කිරීම, අගනුවර අවතැන් ව සිටින ප්‍රජාවන්ට එල්ල වන පීඩනය තීව්‍ර කිරීමක් බවයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ.

එම පුවත් වාර්තා සිය ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කරන්නේ, පොලිසිය ඉස්ලාමාබාද්හි B-17 ප්‍රදේශයෙන් ඇෆ්ගන් සරණාගතයින් කිහිප දෙනෙකු රඳවා තබා ගෙන ඔවුන් හාජි කඳවුර ලෙස හැඳින්වෙන තාවකාලික රැඳවුම් ස්ථානයකට මාරු කර ඇති බවයි.

World News

Send your contact Details Today