Latest News

2017 වසරෙන් පසුව පළමුවරට කැනඩා අගමැතිවරයෙකු චීනයට

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2017 වසරෙන් පසු පළමු වරට කැනඩා අග්‍රාමාත්‍යවරයෙකු චීනයේ නිල සංචාරයක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

2018 වසරේ දී අමෙරිකා වරෙන්තුවක් මත කැනඩාවේ වැංකූව හිදී හුවාවි සමාගමේ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමත් සමග චීන කැනඩා සබඳතා බිඳ වැටුණි.

කෙසේ වුව ද දෙරටේ බිඳ වැටුණු සබඳතා යළි ගොඩනැංවිමේ ඓතිහාසික සංචාරයක් ලෙසයි කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කර්නිගේ මෙම චීන සංචාරය හැදින්වෙන්නේ.

චීනයට පැමිණි කැනඩා අග්‍රාමාත්‍යවරයා අද (16) දිනයේ දී චින ජනාධිපති ෂි ජින් පින්ග් සමඟ විශේෂ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

ඔහු චීන අග්‍රාමාත්‍ය ලී චැන්ග් සමග ද්විපාර්ශවික සාකච්ඡා ද පවත්වා හෙට දිනයේ දී කැනඩා අග්‍රාමාත්‍යවරයා කටාර් රාජ්‍ය බලා පිටත්වීමට නියමිතයි.

World News

Send your contact Details Today