Latest News

ශ්‍රී ලංකාවට ආනයනික කිරිපිටි මිල පහළට

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟතාව පළකර තිබේ.

ඒ කිරිපිටි ආනයනකරුවන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය වෙත අද (14) කැඳවා සිදුකළ සාකච්ඡාවකින් අනතුරුවයි.

ලෝක වෙළෙඳපළේ කිරිපිටි මිල පහළයාම සැලකිල්ලට ගනිමින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් කිරිපිටි මිල අඩු කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යවරයා කිරිපිටි ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක් කළ අතර ඒ සඳහා කිරිපිටි ආනයනකරුවන් මෙලෙස එකඟතාව පළ කරන තිබේ.

ඒ අනුව අනිද්දා (16) සිට ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 125 කින් අඩු කෙරෙන අතර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50 කින් අඩු කෙරෙනු ඇති.

එමෙන්ම අප්‍රේල් මාසයේදී ද යළි කිරිපිටි මිල අඩු කිරීමට ද අපේක්‍ෂා කෙරෙන බව සඳහන්.

World News

Send your contact Details Today