Latest News

මන්ත්‍රී අමරකීර්තී ඝාතන නඩුවේ තීන්දුව ලබාදීම කල්දැමේ

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 41 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද (14) ගම්පහ මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

ඒ අනුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන මස 11 දක්වා කල් දැමීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

මෙම නඩු කටයුත්ත ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දීර්ඝ කාලයක් පුරා විභාග කෙරුණි.

World News

Send your contact Details Today