Latest News

අධික හිම පතනය නිසා යුරෝපයට දැඩි බලපෑම් – දැනට ජීවිත 06ක් බිළිගනියි

Published 18 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපය පුරා අධික හිම පතනය හේතුවෙන් පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් තිබේ.

අනතුරුදායක රිය පැදවීමේ තත්ත්වයන් හේතුවෙන් ප්‍රංශයේ කලාප දෙකක පුද්ගලයින් පස් දෙනෙකු මිය ගිය බවයි බලධාරීන් පවසන්නේ.

බොස්නියාවේ අගනුවර වන සරජේවෝ හි එක් කාන්තාවක ද මිය ගොස් තිබේ.

එමෙන්ම දැඩි හිම පතනය සහ අයිස් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් යුරෝපයේ සිය ගණනක් ගුවන් ගමන් අවලංගු කර තිබේ.

දහස් ගණනක පිරිසක් පැරිස් සහ ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපළවල සිරවී සිටින බව ද සඳහන්.

මේ තත්ත්වය යුරෝපය පුරා ලබන බදාදා දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

World News

Send your contact Details Today