Latest News

නිහඬ වුණු ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක්

Published 28 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය ඊයේ (27) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

රෝගාතුරව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය අභාවප්‍රාප්තවන විට 92 වන වියේ පසුවිය.

අභාවප්‍රාප්ත කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද (28) පස්වරු 3.00 සිට මහජන ගෞරව සඳහා බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට නියමිතයි.

එමෙන්ම අද (28) ස්වරු 3.00 සිට ලබන අඟහරුවාදා (30) දින දක්වා දේහය එම පෞද්ගලික මල්ශාලාවේ තැන්පත් කර තැබෙන අතර, එළඹෙන බදාදා දිනයේ දී ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම සැලසුම්කර ඇති බවයි ලතා වල්පොල මහත්මියගේ බෑණනුවන් වන මහින්ද බණ්ඩාර සඳහන් කළේ.

World News

Send your contact Details Today