Latest News

තුර්කි නෞකාවකට යුක්‍රේනයේදී ප්‍රහාරයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනයේ වරාය නගරයක් වන ඔඩෙසා හි නතර කර තිබූ තුර්කි මෝටර් රථ නෞකාවකට ඊයේ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එහිදි සෙන්ක් ටී නෞකාව චොර්නොමෝර්ස්ක් වරායෙහි නැංගුරම්ලා තිබියදී ප්‍රහාරය සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි ප්‍රහාරයට සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල්ල කර ඇති නමුත් රුසියානු පාර්ශවයෙන් ඒ පිළිබඳව කිසිදු අදහසක් දක්වා නැති බව සදහන් කෙරේ.

ප්‍රහාරයත් සමඟ නෞකාවේ ඉදිරි කොටසේ ගින්නක් හටගෙන ඇති අතර, එහි කාර්ය මණ්ඩලය, වරාය ගිනි නිවන හමුදාව සහ කුඩා යාත්‍රා එක්ව ඊට අදාළ හදිසි ප්‍රතිචාර පියවර ක්‍රියාත්මක කෙරුණු බව සඳහන්.වේ.

තෙල් අපනයනය සඳහා භාවිතා කරන බවට සැලකෙන රුසියාවේ නෞකා වෙත යුක්‍රේනය විසින් එල්ල කරන ලද සමුද්‍ර ඩ්‍රෝන ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් රුසියාව යුක්‍රේන නෞකා, මුහුදේ යාත්‍රා කිරීමට එරෙහිව තර්ජනයන් සිදු කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

World News

Send your contact Details Today