Latest News

බාලවයස්කාර අපරාධකරුවන්ට දැඩි දඬුවම් දීමට ඔස්ට්‍රේලියාව සූදානම්

Published 9 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වික්ටෝරියානු රජය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව පනත් කෙටුම්පත අනුව, වයස අවුරුදු 14 සිට තරුණ අපරාධකරුවන්ට පවා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට හැකිබව ප්‍රකාශ කර තිබේ.

රජය පවසන්නේ මෙම නීතියෙන්, දරුණු අපරාධ සඳහා තරුණයින්ටද වැඩිහිටියන් මෙන් දැඩි ප්‍රතිවිපාක ලබා දීමට අවශ්‍ය බවයි.

මේ අනුව වයස අවුරුදු 14–17 අතර දරුවන්ට , මෝටර් රථ පැහැර ගැනීම, සන්නද්ධ මංකොල්ලකෑම් වැනි අපරාධ සඳහා වසර 25ක සිර දඬුවමක් නියම කල හැකි අතර ඇතැම් අපරාධ වලදී ජීවිතාන්තය දක්වාද සිරදඩුවම් නියම කල හැකියි.

කෙසේ වෙතත් වර්තමානයේ ළමා අධිකරණයේ දී උපරිම දඬුවම ලබා දෙන්නේ වසර 3ක් පමණයි.

පසුගිය දිනවල වික්ටෝරියානු ප්‍රාන්තයේ තරුණ අපරාධ වර්ධනය විශාල අවධානයක් සිදුව ඇති බවත්, පොලිස් වාර්තා අනුව සියලු දරුණු සොරකම්වලින් 47.7% ක් සිදු කරන්නේ වයස 17ට අඩු දරුවන් විසින් බවත් රජය ප්‍රකාශ කළේය.

ඒ අනුව රජය විශ්වාස කරන්නේ මෙලෙස දැඩි දඬුවම් ලබා දීම තරුණයින්ට අපරාධ වලින් වැළැක්වීමට උපකාරී වන බවයි.

කෙසේ වෙතත් මෙම නීතිය ඇතැම් සමාජ සේවා විශේෂඥයින් සහ මානව හිමිකම් කණ්ඩායම් දැඩි විරෝධයක් ද පළකර තිබේ.

අපරාධ කරන බොහෝ දරුවන් දරිද්‍රතාව, පවුල් ගැටළු සහ මානසික පිඩනයන්ගෙන් පෙළෙන බවටත් එවැනි දරුවෙකු සිරගත කිරීමෙන් තවත් වෛරී අපරාධකරුවකු නිර්මාණය වන බවටත් ඔවුන් අදහස් දක්වා තිබේ.

මේ සඳහා දිගුකාලීන විසඳුම් ලෙස නඩත්තු, පුහුණු, සහාය වැඩසටහන් වඩා ප්‍රතිපලදායි බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් මෙම නීතිය සම්මත වුවහොත් , 2026 සිට ක්‍රියාත්මක වන අතර අපරාධ පනත, ළමා සහ තරුණ යුක්තිය පනත් ගණනාවක් සංශෝධනය කිරීමට සිදුවෙයි.

වික්ටෝරියානු රජය ගෙන එන මෙම නීතිය ප්‍රතිඵලදායී විසඳුමක්ද, නැත්නම් තවත් ගැටලු ඇති කරන නීතියක් යන්න දේශපාලකයන්, විශේෂඥයින් සහ ජනතාව අතර මේ වනවිට දැඩි සංවාදයක් ඇති කර තිබේ.

World News

Send your contact Details Today