Latest News

කළු ගඟේ ජල මට්ටම ගැන තවත් අනතුරු ඇඟවීමක්

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කළු ගඟ ද්‍රෝණිය තුළ පිහිටා ඇති පහත් බිම් ප්‍රදේශවලට බලපා ඇති ගංවතුර තත්ත්වය ඉදිරියේදී සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කරයි.

මේ හේතුවෙන් කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල, අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් හා මගීන්ගෙන් ද මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව සිය නිවේදනය හරහා දැනම් දී ඇත.

World News

Send your contact Details Today