Latest News

දිස්ත්‍රික්ක 11ක් සඳහා පැනවූ නාය යෑම් රතු නිවේදන දීර්ඝ කරයි

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අධියර 3 යටතේ ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කිරීමට එම සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව, බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

World News

Send your contact Details Today