Latest News

ඇලස්කාව සෙළවෙයි

Published 13 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ ඇංකරේජ් නගරයට රිච්ටර් මාපක 6.0 ක ප්‍රබල භූමිකම්පාවකින් බලපෑම් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ අළුයම ඇන්කරේජ් සිට 108kmක් පමණ වයඹ දෙසින් භූමිකම්පාව හටගෙන ඇති බවයි.

එය 69kmක් ගැඹුරින් සිදුවී ඇති බව ද ආයතනය සඳහන් කළේය.

කෙසේ වෙතත් භූමිකම්පාවෙන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර නොමැති බවයි ඇමරිකානු සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය පවසන්නේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, ඇලස්කාව එක්සත් ජනපදයේ වඩාත්ම භූමිකම්පා අවදානමට ලක්විය හැකි ප්‍රාන්තය වන අතර ලෝකයේ වඩාත්ම භූ කම්පන ක්‍රියාකාරී කලාපවලින් එකක් වේ.

අළුයම සිදුවූ භූමිකම්පාව 2021 වසරේ සිට ඇලස්කාවේ දකුණු මධ්‍යම කොටසට බලපෑ විශාලතම භූමිකම්පාව බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today