Latest News

“රාසා” ලොව හොඳම විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයා වෙයි

Published 14 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙන නවතම ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමහි විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පළමු ස්ථානයට පත් වීමට සිම්බාබ්වේ ක්‍රීඩක සිකන්දර් රාසා සමත්ව තිබේ.

මේ වන විට සිම්බාබ්වේ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය හොබවන්නේද සිකන්දර් රාසා විසින්.

ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් ත්‍රිත්වයේ සහභාගීත්වයෙන් පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ අවසන්වරට පැවති තරගයේ දී ද ලකුණු 37ක් රැස් කරගත් රාසා මෙම තරගාවලිය පුරාවට දැක් වූ දස්කම් නිසාවෙන් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ සිට පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

World News

Send your contact Details Today