Latest News

ඉතියෝපියානු ගිනි කන්දේ දුමාරය ඉන්දීය අහසටත් එයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතියෝපියාවේ හයිලි ගුබ්බි ගිනි කන්ද සක්‍රීය වීම හේතුවෙන් වායු ගෝලයට නිකුත් වූ දැවැන්ත ඝන දුමාරය ඉන්දියාවේ දිල්ලි නගරයට ඇතුළු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ගිනි කන්ද පුපුරා යාමෙන් ඇති වූ ඝන දුමාරය අහසේ කිලෝ මීටර් 14ක පමණ වපසරියක් පුරා පැතිර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

පසුගිය ඉරිදා උදෑසන පුපුරා ගිය එම ගිනි කන්දේ අළු සහිත විෂ දුම ඊයේ රාත්‍රියේ දිල්ලියට ඇතුළු වී තිබේ.

වායු ගෝලයේ අඩි දහස් ගණනක් ඉහළට නැඟුණු එම දුමාරය ඉතියෝපියාවේ සිට යේමනය සහ ඕමානය දක්වාත් අරාබි මුහුද හරහා බටහිර සහ උතුරු ඉන්දියාව දෙසට හමාගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එම දුම් වළාකුළු අද පස්වරුව වන විට ඉන්දීය අහසින් ඉවතට ගමන් කර චීනය දෙසට පා වී යනු ඇතැයි අපේක්‍ෂා කෙරෙයි.

ඉතියෝපියාවේ ඊසානදිග කලාපයේ පිහිටා ඇති හයිලි ගුබ්බි ගිනි කන්ද සක්‍රීය වී ඇත්තේ වසර 12,000ක පමණ කාලයකට පසුව බවටයි අනුමාන කෙරෙන්නේ.

ගිනි කන්ද පුපුරා යාමෙන් නිකුත් වූ දුම් වළාකුළු හේතුවෙන් ඉන්දියාව ඇතුළු බටහිර ආසියානු කලාපයේ ගුවන් ගමන්වලටද බාධා එල්ල විය.

ඒ හේතුවෙන් ඉන්ඩිගෝ, අකාසා එයාර්, කේ එල් එම් ඇතුළු තවත් ගුවන් සමාගම් කිහිපයක් ගුවන් ගමන් වාර රැසක් අවලංගු කර හෝ නැවත හරවා යවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

World News

Send your contact Details Today