Latest News

වියට්නාමයේ නාය යෑමක් – 07ක් ජිවිතක්ෂයට, තවත් පිරිසක් අතුරුදන්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වියට්නාමයේ කාන්හෝවා ප්‍රදේශයේ නායයෑමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට කාන්හෝවා ප්‍රදේශයේ ධාවනය කරමින් තිබූ බස් රථයක් මතට නායයෑමට ලක්වූ පස් වැටීම නිසා මෙලෙස ජීවිත හානි වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පස්වලට යටවීම හේතුවෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බව ද එම වාර්තා පවසයි.

එරටට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසයි මෙම නායයෑම සිදුව තිබෙන්නේ.

අතුරුදන් වු පුද්ගලයින් සොයා මෙහෙයුම් සිදු කරන බව සඳහන්.

World News

Send your contact Details Today