නවසීලන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය Uber රියදුරන් කොන්ත්‍රාත්කරුවන් නොව සේවකයන් ලෙස සැලකිය යුතු බව සඳහන් කරමින් තීන්දුවක් ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් Uber සමාගමට එරෙහිව පහළ උසාවියක් දුන් තීන්දුවක් ස්ථිර කරමින් සඳහන් කර ඇත්තේ, නඩු ගොනු කළ Uber රියදුරන් සිව්දෙනා කොන්ත්‍රාත්කරුවන් නොව සේවකයන් ලෙස සැලකිය යුතු බවයි.
මෙම ඒකමතික තීරණය මගින් සමස්ත නවසීලන්තයේම රැකියා විධිවිධාන කෙරෙහි බලපෑමක් ඇති කිරීමටත් ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
2022 දී සේවා නියුක්ති අධිකරණය දුන් තීන්දුවට එරෙහිව Uber සමාගම දිගින් දිගටම තර්ක කර ඇත්තේ තම රියදුරන් මාර්ගත වේදිකාව භාවිතා කරන ස්වාධීන කොන්ත්‍රාත්කරුවන් බවයි.
කෙසේ වෙතත් රියදුරන් සේවකයන් ලෙස වර්ගීකරණය කිරීම හේතුවෙන් ඔවුන්ට පහත ව්‍යවස්ථාපිත අවම සේවා නියුක්ති හිමිකම් ලැබෙනු ඇති බව සඳහන්.
Uber ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත කළමනාකාරිත්වය සඳහන් කර ඇත්තේ, මෙම තීරණයෙන් සමාගම කනස්සල්ලට පත්වන බවත්, එය සමස්ත නවසීලන්තයේ කොන්ත්‍රාත් විධිවිධාන සම්බන්ධයෙන් සැලකිය යුතු සැකයක් ඇති කරන බවයි.
කෙසේ වෙතත් දැනට මෙම තීරණය අදාළ වන්නේ රියදුරන් සිව්දෙනෙකුට පමණක් වන අතර Uber සහ Uber Eats සාමාන්‍ය පරිදි දිගටම ක්‍රියාත්මක බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර කම්කරු සංගම් ප්‍රකාශ කර ඇත්තේ, මෙම තීන්දුව දහස් ගණනක් වන සිය සාමාජිකයින්ට අතීතයේදී ගෙවා ඇති අඩු වැටුප් සහ හිමිකම් සඳහා නැවත ගෙවීම් ලබා ගැනීමට මෙන්ම සාමූහික කේවල් කිරීම ඉදිරියට ගෙන යාමට මග පාදන බවයි.