Latest News

තායිවානය නිසා චීන සහ ජපන් සබඳතා අර්බුදයක

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපානයේ අග්‍රාමාත්‍ය සනේ ටකයිචි මහත්මිය තායිවානය සම්බන්ධයෙන් කළ අදහස් හේතුවෙන් චීනය සහ ජපානය අතර උණුසුම් වාග් සංග්‍රාමයක් ඇවිලී තිබේ.

මෙම තත්ත්වය මධ්‍යයේ, සිය විරෝධය පලකිරීමට චීනය විසින් බීජිං නුවර සිටින ජපාන තානාපතිවරයා ද කැඳවනු ලැබුවේය.

පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු රැස්වීමකදී ටකයිචි මහත්මිය පැවසුවේ, චීනය තායිවානයට ප්‍රහාර එල්ල කිරීමට යුද නැව් සහ බලය භාවිතා කරන්නේ නම්, එය ජපානයට “ජීවිතයට තර්ජනයක් වන තත්ත්වයක්”විය හැකි බවයි.

2015 ආරක්ෂක නීතිය යටතේ මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත්, ජපානයේ ස්වයං ආරක්ෂක බලකාය සක්‍රිය කිරීමට අවසර ලැබෙයි.

මෙම ප්‍රකාශය චීනයේ කෝපයට හේතු වූ අතර, චීන විදේශ අමාත්‍යාංශය එය දරුණු බව සඳහන් කළේය.

ඊට පසු දින, චීනයේ ඔසාකා නුවර කොන්සල් ජනරාල්වරයා වූ සූ ජියන් සිය X ගිණුමේ පළ කළ පුවතකට අදහස් දක්වමින්,”ඇතුළට දමන අපිරිසිදු හිස කපා දැමිය යුතුයි”යනුවෙන් ප්‍රකාශ කර තිබුණේය.

මෙය ටකයිචි මහත්මියට එල්ල කළ තර්ජනයක් ලෙස අර්ථකථනය කෙරුණා. ටෝකියෝව මේ සම්බන්ධයෙන් චීනයට දැඩි විරෝධතා පෑ අතර, පසුව සූ ජියන්ගේ සටහන ඉවත් කරනු ලැබුවේය.

කෙසේ වෙතත් ටකයිචි මහත්මිය සිය ප්‍රකාශ ඉවත් කර ගැනීම ප්‍රතික්ෂේප කළ අතර, එය”ආණ්ඩුවේ සාම්ප්‍රදායික ස්ථාවරයට අනුකූල” බව සඳහන් කළේය.

බ්‍රහස්පතින්දා චීන උප විදේශ අමාත්‍ය සුන් වෙයිඩොං (Sun Weidong) විසින් ජපාන තානාපතිවරයා කැඳවූ අතර, ටකයිචිගේ අදහස් “ඉතා වැරදි සහ භයානක” බව ප්‍රකාශ කළේය.

සුන් වැඩිදුරටත් අවධාරණය කළේ එම ප්‍රකාශ ආපසු නොගතහොත් “සියලු ප්‍රතිවිපාක ජපානය විසින්ම දැරිය යුතු”බවයි.

මේ අතර ජපාන ප්‍රධාන කැබිනට් ලේකම් මිනෝරු කිහාරා පැවසුවේ, තායිවානය සම්බන්ධයෙන් ජපානයේ ස්ථාවරය “වෙනස් වී නොමැති” බවත්, සංවාදය තුළින් ගැටලු සාමකාමීව විසඳනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.

ජපානය, රාජ්‍ය තාන්ත්‍රිකයාගේ තර්ජනාත්මක අදහස සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස චීනයෙන් නැවතත් දැඩි ලෙස ඉල්ලා සිටියේය.

World News

Send your contact Details Today