Latest News

ට්‍රම්ප්ගෙන් BBC නාලිකාවට තර්ජනයක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් BBC ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කර තිබේ.

ඒ, තමන් කළ කතාවක් සංස්කරණය කර පැනොරාමා වාර්තා චිත්‍රපටයක භාවිත කළ ආකාරය පිළිබඳ විවේචන එල්ල වීමෙන් පසුවයි.

මෙම විවේචන හමුවේ බීබීසීහි අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රධාන විධායක නිලධාරී ඩෙබොරා ටර්නස් ධුරවලින් ඉල්ලා අස් වී තිබුණා.

ජනපති ට්‍රම්ප්ගේ නීති කණ්ඩායම මේ මස 14 වැනිදා අදාළ වාර්තා චිත්‍රපටය සම්පූර්ණ හා සාධාරණ ලෙස ඉල්ලා අස්කර ගැනීම සඳහා බීබීසීයට අවසාන දිනයක් ලබා දී තිබේ.

එසේ නොමැතිවුවහොත් ඩොලර් බිලියන 1ක් සඳහා නඩු පැවරීමට මුහුණ දීමට සිදුවනු ඇති බවයි දන්වා ඇත්තේ.

World News

Send your contact Details Today