Latest News

මැදපෙරදිග සාමය සඳහා බහරේනයෙන් විශේෂ ඉල්ලීමක්

Published 7 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මැදපෙරදිග සාමය, සංවාදය සහ අන්‍යෝන්‍ය ගෞරවය සඳහා සංයමයෙන් කටයුතු කරන ලෙසත් ගාසා තීරයේ සටන් විරාම බැඳීම්වලට සම්පූර්ණයෙන්ම අනුකූල වන ලෙසත් බහරේනයේ විදේශ අමාත්‍යවරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

ඔහු මෙම අදහස් පළ කළේ සිය ඉන්දීය නිල සංචාරයට සමගාමීවය.

මෑතකදී සම්මත කරගත් ගාසා සාම සැලැස්ම කලාපයේ සහජීවනය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ දැක්ම ඉදිරියට ගෙන යාමට අද්විතීය අවස්ථාවක් ඉදිරිපත් කරන බවද බහරේන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

5 වන ඉන්දිය-බහරේන් ඉහළ ඒකාබද්ධ කොමිසමේ (HJC) රැස්වීමේදී සිය ආරම්භක දේශනය සිදුකරමින් බහරේන විදේශ අමාත්‍යවරයා මේ බව පවසා තිබුණි.

මේ අතර ඉන්දියාව සහ බහරේනයේ සම්බන්ධතා වැඩි දියුණු කිරීමට දෙපාර්ශ්වයම අදහස වී තිබේ.

World News