අනිල් අම්බානි සමූහ ව්‍යාපාරයේ ඉන්දීය රුපියල් බිලියන 30.84ක් වටිනා වත්කම්, තාවකාලිකව අත්හිටුවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ මුදල් විශුද්ධිකරණ පරීක්ෂණයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.
අනිල් අම්බානි, ලෝක ප්‍රකට ඉන්දීය ධනවතකු වන මුකේෂ් අම්බානිගේ බාල සොහොයුරායි.
ඔහු සතු සමූහ ව්‍යාපාරයක්, 2017 සහ 2019 අතර ඉන්දියාවේ YES Bank වෙතින් ලබාගත් ඩොලර් මිලියන 568.86 ඉක්මවූ ණය මුදල්වලට සම්බන්ධවයි මෙම පරීක්ෂණය සිදුකෙරෙන්නේ.
තාවකාලිකව අත්හිටුවා තිබෙන වත්කම් අතර අනිල් අම්බානිගේ මුම්බායි හි පිහිටි පවුලේ නිවස ද ඇතුළත් බව වාර්තා වේ.